මහවිරු පණ්ඩු එකේ ඉන්න අනූශාගෙන් අනේ මිස් බඩු ටිකක් දෙන්න කියා ඉල්ලලා !!"අනේ මිස්, බඩු ටිකක් දෙන්න. මිස්ට බැරි නම් කාට හරි කියලා ඉල්ලලා දෙන්න. මට බබාලා ඉන්නවා කියලා කියන්නේ.." - අනුෂා දමයන්තිට එන ඇමතුම් ගැන ඇය කියන සංවේදී කතාව
මේ දවස්වල කියලා ලොකු දෙයක් වෙන්නේ නැහැ. මම මහවිරු පඬු ටෙලිනාට්‍යයේ රංගන කටයුතුවල යෙදෙනවා. ඒ වගේම කෞරවති කුමරිය මේ දවස්වල සටන් කරනවා. චරිතයේ ප්‍රතිචාර හොඳ නරක මැද ගලාගෙන යනවා.
මේක ඇත්තටම ඉතිහාසගත කතාවක්. ඉතිහාසයේ ඉඳලත් බලයට තරඟ කරන ආකාරය තමයි මේකෙන් පෙන්වන්නේ. මේ චරිතයට මාව ගැළපෙනවා කියලත් කට්ටිය කියනවා. ඒ වගේම තවත් සමහරු කියනවා අම්මෝ ටිකක් සැරට රඟපානවා කියලත්. රූගත කිරීම්වලදී පවා මට තවම බිහිසුණු අත්දැකීම්වලට මුහුණදෙන්න සිද්ධ වෙලා නැහැ. තවම පොඩි කොටස් ප්‍රමාණයක් තමයි විකාශනය වුණේ. මේක දැවැන්ත කතාවක්.
මගේ නර්තන වැඩකටයුතු නම් සහමුලින්ම නතර වෙලයි තියෙන්නේ. මම මීට කලින් නාට්‍ය හතරක වැඩ කරමිනුයි හිටියේ. ඇත්තටම කොවිඞ් පළමු රැල්ල ආවට පස්සේ අපේ එන්ටර්ට්‍රේනින් කියන කොටසේ සියල්ල කඩාවැටුණා. ඉතිං මම ටෙලිනාට්‍ය කියන මාතෘකාව හරි අඩුවෙන් තමයි භාර ගත්තේ. අතලොස්සක් තමයි ටෙලිනාට්‍ය තියෙන්නේ. සිනමාව තමයි මගේ ප්‍රධාන දේ.
සිනමා පට දෙකක් අලූතෙන් රූගත කිරීම් කරන්න සියල්ල සූදානම් කරලයි තිබුණේ. එක පාරටම කොවිඞ් එක්ක මේ සියල්ල අනෙක් පැත්තටම වැටුණා.
සිනමා පටනම් සහමුලින්ම නතර වුණා. කරලා තේරුමක් නැහැ. මොකක්ද වෙන්නේ බලමු කියන තැනට ඇත්තටම නතර කරගෙන ඉන්නවා. ඒ වගේම අපි විදෙස්ගත වෙලා සිදුකරන ප්‍රසංග වගේම ලංකාවේ නර්තන ප්‍රසංගත් නතර වෙලා ඉවරයි. මම හිතන්නේ සමස්ත කලාකරුවාම බරපතළ ප්‍රශ්නයකට මුහුණ දෙනවා කියලා.
පළමු කොවිඞ් රැල්ලෙන් පස්සේ තමයි මම නිර්මාණ කිහිපයක් භාරගත්තේ. දැනට නම් ටෙලි නාට්‍යය ක්‍ෂේත්‍රයේ තමයි වැඩ කරන්නේ. හිඟන කොල්ලා චිත්‍රපටයේ රූගත කිරීම් ගිය මාසයේ ආරම්භ කරන්න තිබුණේ. ඒක ළමා චිත්‍රපටයක්. හැබැයි ඒකත් නතරවුණා. ඇත්තටම කිව්වොත් මගේ චිත්‍රපට හතක් එන්න තියෙනවා. එයින් කීපයක් එයිද කියලා විශ්වාසයක් නෑ. හැබැයි කීපයක් මේ දැන් එයි හෙට එයි කියන මට්ටමේ තිබුණේ. ඊටත් වඩා අපි කරන්න හිටිය චිත්‍රපට ගැන ලොකු විශ්වාසයකින් හිටියේ. ඒවා දැවැන්ත විදිහට වියදම් කරලා කරන්න තිබුණ වැඩ.
මේ තත්ත්වය කලාකරුවාට පමණක් නොවෙයි. සමස්ත ලෝකයටම වගේම මගේ රටේ සමස්ත ජනතාවට බලපාල තියෙන්නේ. එදිනෙදා ජීවිකාව කරගත්තු මිනිස්සු දැවැන්ත අර්බුදයක ඉන්න වෙලාවක්. කියන්න වචන නැති කිසිම දෙයක් නෙමෙයි බඩට කෑම වේලක් ඉල්ලන තරමටම ඇවිල්ලා ඉවරයි. ඔවුන්ට වෙන මොකුත්ම අවශ්‍ය නැහැ. මටම එන දුරකථන ඇමතුම් ටිකෙන් මම ඒ ගැන හොඳට දන්නවා.
වෙනදාට මිනිස්සු කතාකරලා මගෙන් ඉල්ලූවේ දුවට රඟපාන්න අවස්ථාවක් හදලා දෙන්න. පුතාට රඟපාන්න අවස්ථාවක් හදලා දෙන්න කියලා. හැබැයි දැන් එන හැම කෝල් එකක් එන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් විදිහට.
අනේ මිස්, බඩු ටිකක් දෙන්න. මිස්ට බැරි නම් කාට හරි කියලා ඉල්ලලා දෙන්න. මට බබාලා ඉන්නවා. නැත්නම් අනේ මිස් පුතාල ඉන්නවා. ඒ ගොල්ලන්ට ඔන්ලයින් ඉගෙනගන්න ෆෝන් එකක් දෙන්න පුළුවන්ද? නැතිනම් මට සල්ලි එපා ෆෝන් කාඞ් එකක් අරගෙන හූරලා නම්බර් එක කියන්න. ඒ වගේම දුරකථන ඇමතුම් දිහා බැලූවහම කලාකරුවා විතරක් කියලා කියන්න බැහැ. සමස්ත ජනතාවම අර්බුද රැසකට මුහුණ පාලා තියෙනවා. මේ කතාකරන මිනිස්සුන් ගේ පවුල්වල කවුරු හරි එක්කෙනක් අපේ සිනමා පටයක් බලන්න එන්න ඇති.
මම මට පුළුවන් හැමදේම ඔවුන්ට කරලා තියෙනවා. මම ඒවා කවදාවත් ටීවී එකේ හෝ ෆේස්බුක්වල දාන්න වුවමනා නැහැ. මම කරන කිසිම දෙයක් සමාජ මාධ්‍යවල දාන්නෙත් නැහැ. මගෙන් කවුරුහරි දෙයක් ඉල්ලලා තියෙනවා නම් මම ඒ දේ මට පුළුවන් විදිහට දීලා තියෙනවා. හැම තිස්සේම මට පුළුවන් විදිහට කරලත් තියෙනවා.
මම ස්වභාවදහමෙනුත් ඉල්ලන්නේ ඒ දේවල් කරන්න ලැබෙන්න කියලා. ඒක තමයි මනුෂ්‍යත්වය කියලා මම විශ්වාස කරන්නේ. හැමෝම එක්් එක්කෙනා කාට කාට හරි පුළුවන් විදිහට උදව් කරගන්න ඕනෑ කියලා තමයි හැමෝටම කියන්න තියෙන්නේ.
මම එළියට බැස්සත් කතාකරන්නේ ඒ ගැන. අපි එකතුවෙලා හරි යමක් මේ වෙලාවේ කරන්න ඕනෑ. අපෙන් උදව් ඉල්ලන්නේ ඔවුන්ට උදව් අවැසි මොහොතකනේ. අනික මේ වෙලාවේ හැමෝටම කියන්නේ අත්‍යවශ්‍ය කරුණකට හැරෙන්න ගෙදරින් එළියට බහින්න එපා කියලයි.
දිනේෂ් විතාන
දිවයින